ප්‍රමුඛ පුවත 1

විදුලිබල සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අසාධාරණ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් වසර දෙකක් යනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා 28 වැනිදා උද්ඝෝෂණයක් සහ අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලි ‍පොදු සේවක සංගමයේ සභාපති මාලත වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඉංජිනේරු සංගමය හැර සියලුම විදුලි සේවක වෘත්තීය සංගම් මෙම උද්ඝෝෂණයට සහ වැඩවර්ජනයට සහය දෙන බවත්, විදුලිබල මණ්ඩල ප්‍රධාන ශාඛාවේ සිට විහාරමහා දේවි උද්‍යානය දක්වා පා ගමනින් සහ දැවැන්ත වෘත්තීය සංගම් සමුළුවක් පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

2015 වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සේවා සඳහා හඳුන්වා දුන් වැටුප් පරිමාණයන් අසාධාරණ බවත්, මේ වන විට ඒ සඳහා වෘත්තීය සංගම් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් කිසිදු සාධාරණ තීන්දුවකට රජය එකඟ නොවීමත්, බඳවා ගැනීම් පටිපාටියේ ගැටලුවලට තවමත් විසඳුම් නොදීමත් නිසා මෙම උද්ඝෝෂණ සහ වැඩවර්ජන ක්‍රියාවලියට එළඹුණ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

Mohamed Dilsad

අගමැති සහ TNA අතර සාකච්ඡාක්

Mohamed Dilsad

එජාපයේ මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment