ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් කෘෂි කර්මාන්ත ඇමති සහ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

(උදයම්,යාපනය)  – උතුරු පළාත් සභාවේ කෘෂි කර්මාන්ත අමාත්‍යධූරය හෙබවූ පී. අයින්ගරනේෂන් මහතා සහ අධ්‍යාපන අමාත්‍යධූරය හෙබවූ  ටී.ගුරුකුලරාසා මහතා ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී තිබේ.

උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතාහට මෙම ඉල්ලා අස්වීම් ලිපි ලබාදී ඇත.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිවලින් එක් අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපියක පිටපතක් තමාටද ලැබුණු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

පුරප්පාඩු වූ උතුරු පළාත් කෘෂි කර්මාන්ත අමාත්‍යධූරයේ වැඩ බැලීම සඳහා සී.වී විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ඊයේ(21) දිවුරුම් දී ඇත.

Related posts

පිපිරිම් හේතුවෙන් මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

සාමකාමී පරිසරයක් වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment