ක්‍රීඩා

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුරට මහේල එයිද?

(උදයම්,කොළඹ)  –  මේවන විට පුරප්පාඩූ වී ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට මහේල සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය මවුරට බලා ගොස් තිබේ.

ඒ අනුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින් ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන පත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වේ.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබද අවසන් තීරණයකට එළැඹෙනු ඇත.

 

Related posts

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

ක්‍රිකට් නායකයා අද යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment