ක්‍රීඩා

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුරට මහේල එයිද?

(උදයම්,කොළඹ)  –  මේවන විට පුරප්පාඩූ වී ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට මහේල සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය මවුරට බලා ගොස් තිබේ.

ඒ අනුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින් ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන පත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වේ.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබද අවසන් තීරණයකට එළැඹෙනු ඇත.

 

Related posts

ඉසුරු උදාන කොදෙව් දිවයිනේ දී දස්කම් දක්වයි

Mohamed Dilsad

එංගලන්ත – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා, වෝන් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අද

Editor O

Leave a Comment