ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමේ තීරණයක්

(උදයම්,කොළඹ) – මෙරටට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත විමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමට තීරණය කර ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඊයේ(15) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පැවැති ධීවර උපදේශක සභාවේ රැස්විමට එක්වෙමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පිළිවෙල අනුව එම යාත්‍රා නිදහස් කිරිමට තීරණය කර ඇති බවය.
ඒ අනුව පළමුව 2015 වසරේදී අත්අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරිමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඉන්දු – ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට මේ දක්වා පැවැති සාකච්ඡා ධනාත්මක ප්‍රතිඵල සහිත විම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙලෙස නම්‍යශීලි තීරණයක් ගෙන ඇත.
ධිවර යාත්‍රා නිදහස් කිරිමේදී උතුරේ ධිවර ප්‍රජාවගේ ද අදහස් විමසූ අතර ඔවුන් කොන්දේසි සහිතව යාත්‍රා නිදහස් කිරිමට ලිඛිත එකඟතාවක් පළ කර ඇති බව අමාත්‍යාවරයා පවසයි.
ඉන්දිය මධ්‍යම රජය විසින් ගන්නා ලද යහපත් හා සාධනීය තීරණ  හේතුවෙන් මෙන්ම මුහුදු සීමා උල්ලංඝණය කරන ධිවරයින් අත්අඩංගුවට ගැනිම හේතුවෙන් මේ වන විට ඉන්දිය ධීවර යාත්‍රා මෙරටට මුහුදු සීමාවට පැමිණිම අඩු වී ඇති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

වෙලේ සුදාගේ මරණ දඩුවමට එරෙහි අභියාචනයට දින නියම කරයි..

Mohamed Dilsad

දුම්රිය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

සන්ධාන මන්ත්‍රීවරු හදිසියේ කැඳවයි

Mohamed Dilsad

Leave a Comment