කලා

ගායක ‘ප්‍රින්ස්’ වෙනුවෙන් ඔබේ යුතුකමත් ඉටු කරන්න

(උදයම්,කොළඹ)  –  බොහෝ කලක් රෝගී තත්වයෙන් සිට මිය ගිය ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ දේහය අද(10) පස්වරුවේ ඔහුගේ නිවාස වෙත ගෙන යාමට නියමිතයි.

මේ වනවිට මහජන ගෞරවය සඳහා කොළඹ සුදර්ශි ශාලාවේ තැම්පත් කර ඇති දේහය පස්වරුවේ ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවාස වෙත රැගෙන යනු ඇත.

ඒ අනුව හෙට පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

මේ අතර, ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ කාලයට අඳාලව රුපියල් ලක්ෂ 25 ක මුදලක් රෝහල ගෙවීමට සිදුව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කරයි.

මේ නිසා ඔහුගේ සහෝදරියගේ (Shiromi Priyangika) නමින් ඇති Elpitiya – Commercial Bank Ac No : 8103017799  ගිණුමට ඔබේ අධාරය ලබා දෙන්න.

වැඩිදුර තොරතුරු  077366128 දුරකථන අංකයෙන්  දැන ගැනීමට හැකි බව ගායනශිල්පීන්ගේ සංගමය පවසයි.

Related posts

Endgame චිත්‍රපටය Avatar චිත්‍රපටය තබා තිබූ ආදායම් වාර්තාව බිඳ දමයි.

Mohamed Dilsad

කත්‍රිනාගේ නංගි ඉසබෙලා බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

හොලිවුඩයට අභියෝග කරන මරාති සිනමාපටයක්

Mohamed Dilsad

Leave a Comment