ප්‍රමුඛ පුවත 1

බොරතෙල් ප්‍රවාහනය කරන නලයේ කාන්දුව පාලනය කෙරේ

(උදයම්,කොළඹ)  – කොලොන්නාවේ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත බොරතෙල් ප්‍රවාහනය කරන නලයක තෙල් කාන්දුවක් සිදුවන බව වාර්තාවේ.

මේ නිසා හටගත් අවදානම් තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

කොළඹ වරාය ආසන්න මුහුදේ සිට දිවෙන මෙම නලයේ පිපිරීමක් ඊයේ පස්වරුවේ වාර්තා වී ඇත.

මුහුදේ පවතින රළු තත්ත්වය මීට හේතු වන්නට ඇති බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සක පල කරයි.

මේ වන විට බොරතෙල් මෙට්රික් ටොන් 25 ක් පමණ මුහුදට මුසු වී ඇති බවට විශ්වාස කෙරේ.

තෙල් කාන්දුව මේ වනවිට පාලනය කර ඇති අතර මුහුදේ පවතින රළු තත්ත්වය නිසා එය අළුත්වැඩියා කිරීම අපහසු වී ඇති බව  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

Related posts

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායකව ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් .

Mohamed Dilsad

Leave a Comment