ක්‍රීඩා

එක් ඕවරයකදී මාලිංග දැක්වූ දස්කම්

(උදයම්,ඉන්දියාව)   – ඊයේ පැවති අවසන් තරඟය එක් ලකුණකින් තියුණු ජයක් ලබාගනිමින් මෙවර IPL තරඟාලියේ ශූරයන් වන්නට මුම්බායි කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් මෙම තරඟයට එක්වූ පන්දු යවන්නන් අතර සුවිශේෂ අවධානයක් යොමුවූ පන්දු යවන්නෙක් වූයේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගය.

ඔහු මෙම තරඟාවලියේ සුපුරුදු දක්ෂතා අතරට නොපැමිණියද මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණියට මේ අත්දැකීම් සපිරි සුපිරි පන්දු යවන්නා නැතුවම බැරි වූවේය.

ඒ ඔහු නොඅඩුව තම අත්දැකීම් තරඟයේ උචිත තැන කිසිදු පැකිලීමකින් තොරව නවක පන්දු යවන්නන්ට ලබාදීම හේතුවෙනි.

ඊයේ පැවති අවසන් තරඟයේද මාලිංග ප්‍රමුඛ මුම්බායි පන්දු යවන්නන්ට හිමි වූයේ රැකගැනීමට පහසු ලකුණු ප්‍රමාණයක් නොවේය.

කෙසේ වෙතත් තම උපරිමය නිරතුරුව පිටියේ පෙන්වන සුපිරි පන්දු යවන්නා මාලිංග ඊයේ දිනයේද නැවතත් ඒ බව සනාථ කළේ පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු රැස්කරගැනීමට ඉඩ නොතබමිනි.

Related posts

මැතිව්ස් යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

උසේන් බෝල්ට්ගේ නවතම ඉලක්කය සඵල වෙයිද?

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායම හෙට ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment