ගුරුවරු 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බවට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්තවල සඳහන්.
එම දත්ත අනුව, දිවයින පුරා පාසල් 10,047 ඇත. ඉන් පාසල් 3,065කම ගුරුවරු 10ට අඩු බවද සඳහන්. ඒ අතර එක් ජාතික පාසලක් ද ඇත.
එමෙන්ම, පාසල් 1,645ක ළමයි 50ට අඩු බව ද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දත්ත පෙන්වා දෙයි. ළමයි 50ට අඩු රජයේ පාසල් අතර එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 1,644ක් ද ඇත.
ළමයි 51ත් 100ත් අතර රජයේ පාසල් 1,648ක් වන අතර එම සියලුම පාසල් පළාත් පාසල් බවත් වාර්තා වී ඇත.
තවද 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වු ළමුන් සංඛ්‍යාව පහළ ගොස් ඇත.. 2025 වර්ෂයේදී පළමු ශ්‍රේණිය සඳහා ළමයි දෙලක්ෂ 66,281 දෙනෙකු ඇතුළත් වී ඇත..
