Trending Newsඑසැන පුවත්දේශීය

විවෘත ආර්ථික යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය නායයෑම්වලට හේතුවක් – මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන

මෙරට අඩි පන්දහසකට වඩා උස් භූමිය ගොවිතැන් හෝ වෙනත් මිනිස් ක‍්‍රියාකාරකම් වලට යොදා ගතහොත්, වසර තිහ හතළිහකට පසු ඇතිවන ව්‍යසනය කොතරම් බිහිසුණු දැයි කිව නොහැකි බව තම පක්‍ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයා 1970 දී පැවසූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන පවසයි.

ඔහු එදා කී දේ අද රටක් ලෙස අත්විඳිමින් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය. හෙතෙම මෙසේද කීවේය. 1977 වසරෙන් පසුව විවෘත ආර්ථික යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය මෙම නායයෑම් වලට හේතුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව පරිසර පද්ධතියට නොගැලපෙන ඉදිකිරීම් අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් ඇතුළු කාරණා නිසා මේ විනාශය සිදුවූ බවට ඕනෑ තරම් සාක්ෂි කාරණා ඇති බවද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.


Related posts

அப்துல்லா யமீனுக்கு 5 ஆண்டுகள் சிறைத்தண்டனை

Mohamed Dilsad

Armed men kill 37 civilians in part of Mali hit by ethnic violence

Mohamed Dilsad

Price of kerosene reduced by 5 rupees

Mohamed Dilsad

Leave a Comment