Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 25%කගේ විදුලිය විසන්ඳිවෙලා ; කොත්මලේ සහ රන්ටැඹේ බලාගාර ක්‍රියාවිරහිත කරයි

පවතින අයහපත් කාලගුණය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා කියා සිටී.

 පවතින තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමද දුෂ්කර කාර්යක් වී ඇති බව පැවසේ.

එම විදුලි විසන්දි වීම් යටතේ නැගෙනහිර, මධ්‍යම, උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් විසන්දි වීම් වාර්තා වී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටී.

එමෙන්ම කිලෝවෝට් 132,000ක ධාරිතාවයෙන් යුත් රන්දෙණිගල, රන්ටැඹේ, මහියංගනය අතර ඇති රැහැන් මාර්ගයද මේ වන විට කඩා වැටී ඇතැයිද මෙය යථා තත්ත්වට පත් කිරීම සඳහාද ළඟා විය නොහැකි මට්ටමක් දක්වා පැමිණ ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී කියා පැවසීය.

තවද පවතින තත්ත්වය යටතේ කොත්මලේ ජල විදුලි බලාගාරය සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයිද පැවසූ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ රන්ටැඹේ බලාගාරය වෙත රොන් මඩ පැමිණීම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු කීය.

Related posts

බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

Nidahas Trophy T20 Int. Series: Sri Lanka would pray for an Indian win

Mohamed Dilsad

போலி கடன் அட்டைகள் பயன்பாடு…

Mohamed Dilsad

Leave a Comment