Trending News

එජාප – සජබ ඒකාබද්ධ විය යුතු ආකාරය ගැන කමිටු වාර්තාව විපක්ෂ නායකට

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව හෙට (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ. .

පසුගියදා රැස්වූ සමගි ජන බලබල වේගයේ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කෙරිණ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමට පක්ෂ දෙකම තීරණය කර තිබෙන අතර එම එකතුව කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබඳව කමිටු වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමේදී ඔවුන්ට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් සහ රටේ වැඩි ජනපදනමක් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් පක්ෂ දෙක එක් විය යුතු බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව පක්ෂ දෙක එක්ව කටයුතු කිරීමේදී එහි නායකත්වය.තීන්දු තීරණ ගැනීමේ බලය.මෙහෙයවීමේ කටයුතු ඇතුළු තවත් කිහිපයක් සම්බන්ධ බලතල සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවරිය යුතු බව ද එකඟතාවයකට පැමිණීමට නියමිතයි.

Related posts

இரட்டைச் சதம் விளாசி சாதனை படைத்த ஏஞ்சலோ!!

Mohamed Dilsad

SCRM & UNICEF to discuss role of children in reconciliation

Mohamed Dilsad

பத்திரிகையாளர் ஜமால் மறைமுக மரண தண்டனைக்கு பலியாகியுள்ளாரா?

Mohamed Dilsad

Leave a Comment