ව්‍යාපාරික

“කිසිදු පුද්ගලික ආයතනයකට සතොස විකුණන්නේ නැහැ” – ඇමති රිෂාඞ්

(උදයම්, කොළඹ) – සතොස ශාකා ජාලය පුළුල් කිරීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 1100 ක් තම අමාත්‍යාංශය වැය කළ බව අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සතොස සහ හේමාස් ආයතනය එක්ව සංවිධානය කර තිබූ “සතොස ට එන්න කාර් එකෙන් යන්න” යන ප්‍රවර්ධන ප්‍රවර්ධන වැඩසටහනේ දී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයක දීය.
එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

“ලංකා සතොස ආයතනයේ මූලික අරමුණ වන්නේ තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමයි. වර්තමානය වන විට ලංකා සතොස ආයතනයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30 ක් පමණ වනවා. මම මේ ආයතනය බාර ගන්නා විට 300ක් වූ සතොස ශාඛා ප්‍රමාණය, වර්ථමානය වන විට 377ක් දක්වා වැඩි කිරීමට හැකි වුණා. පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගික සතියක් සතොස ආයතනය විසින් ක්‍රියාත්මක කළ අතර, එහිදී අපගේ ශාඛා ප්‍රමාණය තවත් 50 කින් වැඩි කිරීමට හැකියාව ලැබුණා.

මෙම වසර අවසන් වන විට සතොස ශාඛා 500ක් දක්වා වැඩි කිරීමට අප අමාත්‍යාංශය කටයුතු කරනවා. මීට අමතරව සතොස වරලත් අලෙවිසැල් 8000 ක් විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. එමගින් අප පාරිභෝගික පදනම තව දුරටත් වැඩි කිරීමට හැකියාව ලැබෙනවා යැයි පැවසී ය.

Related posts

සීනි සඳහා වූ උපරිම මිළ ඉවතට

Mohamed Dilsad

වසර 50 කට පසු කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවය

Mohamed Dilsad

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment