Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන්, පුද්ගලික සමාගමකට අක්කර 600ක රජයේ ඉඩමක්…?

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් පුද්ගලික සමාගමට කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුවල කරන්දිකුවෙල් ග්‍රාම නිලධාරී වසමේ කජුගහවත්ත හෝ ඉලන්නවත්ත යන ඉඩම් කොටස් වලින් අක්කර 600ක පමණ ඉඩමක් වෙන් කර දෙන ලෙස අමාත්‍යවරයා විසින් ලිඛිතව ඉල්ලා ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍යවරයා විසින් අදාළ ව්‍යාපෘති වාර්තාව ද මෙම ලිපිය සමඟ ඉදිරිපත් කරමින් සදහන් කර තිබේ.

සමාගමේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව මෙම කටයුත්ත සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

அனர்த்த நிலைமை தொடர்பான நாடாளுமன்ற விவாதம் இடைவேளையின்றி இன்று இரவு வரை

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் உத்தரதேவி ரெயிலின் யாழ் பயணம் ஆரம்பம்

Mohamed Dilsad

Suspect who sold heroin to Durham rugby players arrested

Mohamed Dilsad

Leave a Comment