Trending Newsඑසැන පුවත්දේශීය

නිල වාහනයේ ජනාධිපති ලේකම් නොමැතිව බිරිඳ ගමන් කිරීම ගැටළුවක් ⁣නැහැ – වටගල

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සිය නිල රථය රියදුරු සමග බිරිඳට ගමන් පහසුකම් ලබා දීමට භාවිත කිරීමෙහි කිසිදු නෛතික වරදක් නොමැති බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික රථය අනතුරකට ලක්වීම නිසා මෙලෙස සිය නිල රථය බිරිඳට ප්‍රවාහන පහසුකම් ලබා දීමට භාවිත කර ඇති බවයි.

පසුගියදා ජනාධිපති ලේකම්වරයාගේ නිල රථය අනතුරට ලක්වීම සහ ඒ අවස්ථාවේ එහි ජනාධිපති ලේකම්වරයා නොව ඔහුගේ බිරිඳ සිටීම නිස මෙය ආන්දෝලනාත්මක පුවතක් විය.

ඕනෑම වැරදිකරුවෙකුට තරාතිරම නොබලා සිය ආණ්ඩුව දඬුවම් කළ ද මේ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයා කිසිදු වරදක් කර නොමැති බව ද සුනිල් වටගල ප්‍රකාශ කරයි.

Related posts

Arjun Aloysius and others granted bail by special high court

Mohamed Dilsad

தீப்பரவலில் மூன்று விற்பனை நிலையங்கள் தீக்கிரை

Mohamed Dilsad

ජනතාව ප්‍රදේශ රැසක් ස්වයං හුදෙකලා කර ගනිති

Mohamed Dilsad

Leave a Comment