විදෙස්

මැන්චෙස්ටර් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක්

(උදයම්, කොළඹ) – මැන්චෙස්ටර්, ට්‍රැෆර්ඩ් ප්‍රදේශයට පැමිණි බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ සැක කටයුතු පාර්සලයෙහි කිසිදු පුපුරන ද්‍රව්‍යයක් අඩංගු නොවූ බව වාර්තා වෙයි.

වසා දමා තිබුණු අවට මාර්ග නැවත විවෘත කර ඇත.

මේ අතරතුර බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ බ්‍රිතාන්‍යයේ අවදානම් මට්ටම “ඉහළම තත්වයෙන් තවමත් පවතින අතර ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු” බවය.

අගමැතිනිය මේ බව පවසා ඇත්තේ හදිසි අවස්ථාවක දී පමණක් කැඳවන ‘කෝබ්‍රා’ රැස්වීමේදී ය.

පසුගිය සඳුදා මැන්චෙස්ටර් හි පුපුරා ගිය බෝම්බයෙට ගොදුරු වී 22දෙනෙකු මියගිය අතර 64 දෙනෙක් තුවාල ලැබුහ.

Related posts

ඉන්දිය ජාතික ආරක්ෂාව පිලිබඳ මොදිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමයක්

Editor O

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment