Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කර ඇත. ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි වාහන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය (මහා භාණ්ඩාගාරය) අතර කිසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුවී නොමැති බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේය.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කර තිබුණේ වාහන ආනයනය සීමා කරන ලෙසට මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැහැදිලි කළේ, වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර කිසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවයි.

එමෙන්ම, වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු උපදෙසක් හෝ නිර්දේශයක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මක්නිසාද යත්, වාහන ආනයනය සිදු කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් වන බැවිනි. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදේශ සංචිත ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

ආර්ථික විශ්ලේෂකයින්ද පෙන්වා දෙන්නේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු ඩොලර් සංචිතවලට කිසිදු බලපෑමක් නොමැති බවයි.

Related posts

Minister Mangala denies claims Premier declared himself UNP Pres. Candidate [VIDEO]

Mohamed Dilsad

වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පැය-24 පුරා ක්‍රියාත්මක එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අරඹයි [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment