Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් සේවකයෝ සංකේත වැඩ වර්ජනයක් අරඹයි.

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ අද (28) මධ්‍ය රාත්‍රීයේ සිට එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

Related posts

அமைதியான முறையில் தேர்தல்கள் இடம்பெற்று வருகின்றன

Mohamed Dilsad

රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව පිළිබඳ රස පරීක්ෂකගෙන් ලිපියක්

Mohamed Dilsad

Officials who cannot fulfill duties properly on land reclamation should resign – President

Mohamed Dilsad

Leave a Comment