ප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියා අග‍්‍රාණ්ඩුකාර නිල නිවසේ දී ජනාධිපතිට විශේෂ පිළිගැනීමක්

(උදයම්,ඕස්ට්‍රේලියාව)  –  රාජ්‍ය නායක සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (25) පෙරවරුවේ එරට අග‍්‍රාණ්ඩුකාර නිල නිවසේ දී (Government House ) සංවිධානය කර තිබුණි.

අග‍්‍රාණඩුකාර නිල නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා අග‍්‍රාණ්ඩුකාර Sir Peter Crosgrove මහතා සහ එම මැතිණිය විසින්  ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයා පිළිගනු ලැබිය.

ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි.

එමෙන්ම දෙරටේ ජාතික ධඡවලින් අග‍්‍රාණ්ඩුකාර නිල නිවාස පරිශ‍්‍රය අභිමානවත් අයුරින් සරසා තිබුණි.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව එරට අග‍්‍රාණ්ඩුකාරවරයා විසින් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක් විය.

 

Related posts

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් වෙයි

Mohamed Dilsad

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම්

Mohamed Dilsad

තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment