Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනාගතය ගැන මහාචාර්යයවරයෙක් අදහස් පළ කරයි.

රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් ලෙස ක්‍රියාත්මක වන පසුබිමක රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වධය, වැඩවර්ජන සහ විරෝධතා නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උසස් පෙළ ඉහළින් ම සමත් වන සිසුන් පවා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත පැමිණීමට අකමැත්තක් දක්වන බව ද ඔහු පෙන්වා දෙයි.

දරුවෙකුට විශ්වවිද්‍යාලයට පැමිණ නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැස ඇති නවකවධය ඇතුළු ගැටලු 100%ක් නිරාකරණය කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරාළ අවධාරණය කරයි.

Related posts

Jaffna District – Point Pedro

Mohamed Dilsad

Unmanned Sri Lankan boat washes ashore in Ramanathapuram

Mohamed Dilsad

ධීවරයින්ට භූමිතෙල් ලැබීමේ ප්‍රමාදය අවසන් කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment