Trending Newsඑසැන පුවත්දේශීය

නුදුරේදිම රටට වෙන දේ ගැන එජාප සභාපති වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

නුදුරේදීම රටේ ආර්ථිකය අර්බුධකාරී තත්ත්වයකට පත්වෙනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේ ද කීවේය. මේ මැතිවරණයේ දී ජනතාව කල්පනාවෙන් වැඩ කරන්න. මේ මැයි 6 වෙනිදා ඉතා වැදගත්. මැයි 6 වෙනිදා ඡන්ද පොළට ගියාම ඔබ කල්පනාවෙන් තීන්දුව ගන්න ඕන. ඒක තමයි මට ඔබට විශේෂයෙන්ම මතක් කරන්න තිබෙන්නේ. මොකද නුදුරේදීම රට වැටෙනවා, රට වැටුණම ඔබ වැටෙනවා. ඒක සහතිකයි. ඒකට දැන් අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න පුලුවන් දේ තමයි මේ අය මේ රට වැට්ටුවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතුවෙලා ඔබව නැගිට්ටවලා ඔබව ශක්තිමත් කරන එක. ඒක අපි කරලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. වැටෙන එක නවත්තන්න බැහැ. අපි මේ කතා කරන මෙහොතෙත් මේ රට වැටෙමින් තිබෙන්නේ.

මම දැක්කා ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාව. මම දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක. මම දැක්කා ලෝක බැංකුව කියන එක. ඇයි? රනිල් මහත්තයා අමාරුවෙන් හදපු රට බිම දාගෙන බිම දාගෙන යනවා. එතකොට ඔබ වැටෙනවා.

මට ගාල්ල නගරයේ කොහෙවත් පෙට්ට්‍රල් ශෙඩ් එකක් නැහැ. මම කොහෙවත් වයින් ස්ටෝර්ස් එකක් කරන කෙනෙකුත් නෙමෙයි. මම කොහෙවත් හෝටලයක් කරන්නෙත් නැහැ. මම ෆුල් ටයිම් දේශපාලනඥයෙක්. මගේ යුතුකම තමයි මේරටේ මහජනයා බලාගන්න එක. ඔබ ඡන්දය දුන්නත් මම ඔබව බලාගන්නවා. ඔබ ඡන්දය නොදුන්නත් මම ඔබව බලාගන්නවා.

බොරුව හැමදාම ඉදිරියට ගෙනියන්න බැහැ. අපේ ආගම අනුව බොරුවක් කියන්නෙම මහා විනාශයක්. දැන් ඔබට බොරු කිව්වා. ඔබ ඒ බොරුවලට රැවටුණා. දැන් ඉදිරියට මහා විනාශයක් සිදුවීමට නියමිතයි. එයින් ඔබව ගලවා ගැනීම තමයි එක්සත් ජාතික පක්ෂයේ යුතුකම. එය අපි ඕනෑම වෙලාවක ඉෂ්ඨ කරනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි

Related posts

அலோசியஸ் மற்றும் கசுன் நீதிமன்ற முன்னிலையில்

Mohamed Dilsad

Government Ministers, Parliamentarians to meet President and Prime Minister today

Mohamed Dilsad

காலி முகத்திடலில் இன்று விசேட பாதுகாப்பு ஏற்பாடு

Mohamed Dilsad

Leave a Comment