Trending Newsඑසැන පුවත්දේශීය

ජනතා විමුක්ති පෙරමුණ 1988 දී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කළ බව රටේ ජනතාවට අමතක නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික රණවක

මහජන බදු මුදල් පක්ෂයක පැවැත්ම වෙනුවෙන් යෙදවීම රාජ්‍ය බලය අවභාවිත කරන්නකි යන මැයෙන් කඩුවෙල නගර සභාව ඉදිරිපස එක්සත් ජනරජ පෙරමුණෙන් තරග වදින නගර සභා අපේක්ෂකයින් නිහඬ විරෝධතාවක් පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ, දළදාව ප්‍රදර්ශනය කිරීම බෞද්ධයින් හැටියට අගය කළ යුතු වුවත්, ඒ හරහා ජනාධිපතිවරයා ඇතුළු මාලිමාවේ පිරිස අයථා ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සාහ කිරීම නුසුදුසු බවයි.

දළදාව ප්‍රදර්ශනය කිරීම බෞද්ධයෝ හැටියට අපි ඉතා ම අගය කරන්න ඕන දෙයක්. මේ රටේ බෞද්ධ ජනතාවගේ ඒ උරුමය. හැබැයි අපි කනගාටු වෙනවා, ඇතැම් අය ඇතැම් මාධ්‍යවේදීන්, ඇතැම් මාධ්‍ය නාලිකා හරහා මේකත් කැලණි විහාරයේ නයි පෙන්වන සෙල්ලම වගේ දේශපාලන සෙල්ලමක් බවට පරිවර්තනය කිරීම ගැන. මේ හරහා අනුර කුමාර දිසානායක මහත්තයාට පින් අනුමෝදනා කර වීමේ ක්‍රියාවලියක් බවට මේක පත් කිරීම ගැන. මොකද මේ දළදා මාලිගාවට 1988 දි ප්‍රහාරයකුත් එල්ල කළා. දළදා මාලිගාව අල්ල දළදාව අල්ල ගෙන රාජ්‍ය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් කළා, ජනතා විමුක්ති පෙරමුණ, ඒවා මේ රටේ මිනිසුන්ට අමතක නෑ. ඒ නිසා මැතිවරණ කොමිසම මේකට මැදිහත් වෙලා මේ මාධ්‍ය පාලනය කළ යුතුයි. මේ හරහා අයථා ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සාහ කිරීම ජනාධිපතිවරයා ඇතුළු මාලිමාවේ අය.” යනුවෙන් රණවක මහතා සඳහන් කරයි.

Related posts

Trump invited to attend impeachment hearing or ‘stop complaining’

Mohamed Dilsad

බාල බෙහෙත් රටපුරා : රෝගී ජීවිත අවධානමේ… – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

Editor O

பெட்ரோல் ஏற்றுமதி நாடுகளில் இருந்து விலக கத்தார் முடிவு

Mohamed Dilsad

Leave a Comment