Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය අලියට – මස්කෙළිය එජාප සංවිධායක කේ.කේ. පියදාස

පළාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනිමේ අරමුණ මත ප්‍රබල කණ්ඩායම් 06ක් ඉදිරිපත් කර ඇති බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි.

පැවැත්විමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා ලබා දිමෙන් අනතුරුව හැටන්හිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් දික්ඔය නගර සභාව, අඹගමුව, නොර්වුඩ්, මස්කෙළිය, වලපනේ, හගුරන්කෙත, යන ප්‍රාදේශීය සභා සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අලියා ලකුණින් අපේක්ෂයන් ඉදිරිපත් කිරිම සිදුකලා.

මෙවර අපි ඉදිරිපත් කර තිබෙන්නේ එම පලාත්වල ජනතාව අතර දැඩි ප්‍රසාදයක් හිමි කර ගෙන සිටින ප්‍රබල අපේක්ෂයන් පිරිසක් එම තත්වයන් මත එම පලාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්ෂය වෙත ලබා ගැනිමට හැකිවන බවට අපිට දැඩි විස්වාශයක් පවතිනවා.

මේ වන විට මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් තේරුම් ගෙන තියෙනවා ගමට වැඩක් කල හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බව එම තත්වයන් මත මේ ජනතාව නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව අපිට විශ්වාසයි.

Related posts

இந்தோனேஷியா தங்க சுரங்கத்தில் நிலச்சரிவு-மூவர் உயிரிழப்பு

Mohamed Dilsad

“UNP has no majority power” – Min. Dilan Perera

Mohamed Dilsad

Venezuela Blames ‘Attack’ as Another Crippling Blackout Hits

Mohamed Dilsad

Leave a Comment