Trending Newsඑසැන පුවත්දේශීය

අනුර ජනාධිපති වෙලා ඉන්නකං අර්ජුන් මහේන්ද්‍රන්ගෙ මයිලකටවත් හානියක් නෑ – පාඨලී චම්පික

අනුර ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අර්ජුන් මහේන්ද්‍රන්ගේ මයිලකටවත් හානියක් කරන්නේ නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2025 පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හා ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායම හඳුන්වා දීම වෙනුවෙන් හෝමාගම පැවති රැස්වීමේ දී රණවක මහතා මේ බව පැවසීය.

“වෙසක් කාඩ් එකක් ගැහුවා කියලා පියංකර ජයරත්න අල්ලලා තියෙනවා. මහ බැංකු හොරකමේ අර්ජුන මහේන්ද්‍රන් ගේනවා කිව්වට ගෙනාවේ නැහැ. දේශබන්දු අල්ලන්නේ නැහැ. ඔහු පිටිපස්සේ ටිරාන් අලස් ඉන්නවා. අනුර දිසානායක ටිරාන් අලස්ට අත තියන්නෙ නැහැ.

රනිල් වික්‍රමසිංහ වැනි අය විවේචනය කරමින් සිටිනවා වෙනුවට, අල් ජසීරා සිදුවීම වැනි දේ වලින් ප්‍රචාරක වාසිය ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි නීතිරීති සම්පාදනය කොට, චෝදනා කොට වැරදිකරුවන්ට දඬුවම් පැමිණ වීමයි” යනුවෙන් ද පාඨලී චම්පික රණවක මහතා එහිදී පැවසීය.

Related posts

ஜூம்மா தொழுகையை பாதுகாப்பு காரணங்களுக்காக தவிர்த்துக்கொள்ளுமாறு அறிவிப்பு

Mohamed Dilsad

இன்று 16 மணிநேர நீர் விநியோகத் தடை

Mohamed Dilsad

Supreme Court issues order preventing trial at Special High Court against Gotabhaya

Mohamed Dilsad

Leave a Comment