Trending Newsඑසැන පුවත්දේශීය

රථ වාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරා

රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් චෝදනා එල්ල කරන බවත් නිළධාරීන්ගේ නිල ඇඳුම්වල කැමරා පැළඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය – අසත්‍යතාව තහවුරු කරගත හැකි බවත් රථ වාහන පොලීසිය පවසයි.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ එක් කැමරාවක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් වැය වන බවයි.

මෙම කැමරා 5,000 චීනයෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් සඳහන් කළේය.

මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අනතුරු අවම කිරීම සඳහා තවත් ලේසර් කිරණ සහිත අධිවේග මාපක සංඛ්‍යාවක් ඉදිරියේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කිරීමටද ශ්‍රී ලංකා පොලීසිය බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

Related posts

அம்பலந்தொட மற்றும் தங்கல்ல டிபோ ஊழியர்கள் பணிபுறக்கணிப்பில்

Mohamed Dilsad

அந்தமான் தீவுகளில் நிலநடுக்கம்

Mohamed Dilsad

மாத்தறை சம்பவம்-மூன்றாவது சந்தேக நபரும் கைது

Mohamed Dilsad

Leave a Comment