Trending Newsඑසැන පුවත්දේශීය

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් ලක්ෂ 12ක තෑග්ගක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කෙට්ඨාසය මේ බව දැනුම් දී තිබේ.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අළුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළේය.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවකි.

වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබේ.

එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරමින් පවතී.

Related posts

Shashi Welgama in Court Today

Mohamed Dilsad

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අමතර දින 02 ක්

Mohamed Dilsad

නීතිඥ වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Editor O

Leave a Comment