Trending Newsඑසැන පුවත්දේශීය

2023 නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණයට රුපියල් මිලියන 781ක් වියදම් කරලා

ඉකුත් 2023 වසරේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට අදාළව වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන 781 ක් අපතේ ගොස් ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය ඉකුත් 2023 වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත වූවද, ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන නිසියාකාරව වෙන් නොකිරීම හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය.

2023 වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබිණි.

කෙසේ නමුත්, මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ඇතුළු විවිධ කටයුතු සඳහා රුපියල් මිලියන 781 ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැය කර තිබිණි.

එම මැතිවරණයට අදාළව මුද්‍රණය කරන ලද තැපැල් ඡන්ද අයඳුම්පත් ඇතුළු ලියවිලි ප්‍රයෝජනයට ගත නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා  රූපවාහිනී වැඩසටහනට සහභාගි වෙමින් ඊයේ (19) කියා සිටියේය.

කෙසේ නමුත්, මුද්‍රණය නොකළ ලියකියවිලි කොමිෂන් සභාවට ලබාගත් බවද ඔහු පැවැසීය.

Related posts

153.1 kg of Kerala cannabis found from Northern seas

Mohamed Dilsad

Two Sri Lankan projects to receive over USD 2.4 million from UN Peace-building Fund

Mohamed Dilsad

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment