Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනා රාමනාදන් සැකකරුවකු වශයෙන් පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

අනුරාධපුර රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරු තමා බව පවසමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වුවද ඔහු මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ..

මහෙස්ත්‍රාත්වරයා ඒ බව දැනුම් දුන්නේ සැකකරු සිය ජාතික හැඳුනුම්පත සමඟින් අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ රාමනාදන් අර්චුනා යන නමින් වුව ද අනුරාධපුර පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති මුල් බී වාර්තාවේ සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ “අර්චුනෑ ලෝචනා” යනුවෙන් බවයි.

ඒ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් වුණ සැකකරුගේ නම සහ පොලිසිය බී වාර්තාව මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති නම අතර පරස්පරතාවයක් තිබෙන බැවින් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව නඩුවට අදාළ සැකකරුවකු ලෙස රාමනාදන් අර්චුනා යන අය ඉදිරිපත් වීම පිළිගත නොහැකි බව සඳහන් කළේය.

Related posts

நான் அரசியலுக்கு வந்தால் இவர்களை அருகில் கூட சேர்க்கமாட்டேன் :ரஜினியின் அதிரடி பேச்சு

Mohamed Dilsad

Cave rescue: All 13 out after 17-day ordeal in Thailand

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකු වැඩ තහනමට ලක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment