Trending Newsඑසැන පුවත්දේශීය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් රැස්වීම් තහනම් කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක් කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

විශ්වවිද්‍යාලයේ උප කුලපති විසින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සියලුම පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරුන්ට ලිඛිතව මේ බව දැනුම් දී තිබේ. මීට එරෙහිව ක්‍රියාකරන සියලු දෙනාට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවත් අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත.

කෙසේ නමුත්, එම තීරණ සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ”මෙවැනි සිදුවීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ඉතා සුලභ වී ඇති බැවින් විශ්වවිද්‍යාලය තුළ මේ වන් විට ශිෂ්‍ය නිදහස අහිමි බව ඉතාමත් පැහැදිලි කරුණකි. ශිෂ්‍ය සංගම් පිහිටුවා ගැනීම විශ්වවිද්‍යාල පනත තුළින්ම ශිෂ්‍යයන්ට පවරා ඇති අයිතියක් වන අතර රැස්වීමේ, භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මූලික අයිතිවාසිකම් ලෙස සලකයි. උපකුලපතිට පැවරී ඇති බලතල යැයි සඳහන් කරමින් සිදු කරන මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එම නිවේදනයේ සඳහන්.

Related posts

பூஜித் – ஹேமசிறி மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

இம்முறை O/L பரீட்சை எழுதிய மாணவர்களுக்கு ஓர் மகிழ்ச்சிகர செய்தி!!

Mohamed Dilsad

Leave a Comment