Trending Newsඑසැන පුවත්දේශීය

කලින් කීයු දේවල් අමතක වෙච්ච මාලිමාවේ මන්ත්‍රීවරු ගැන හර්ෂන රාජකරුණා කියපු කතාව

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.“ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උද්දච්ඡ තත්වයකට පත්වෙලා තියෙනවා. දැන් මේගොල්ලන් ජනතාව කියන දෙයක් අහන්නෑ. කිව්ව දේවල් අමතක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් එපා කිව්වා, පෙන්ෂන් එපා කිව්වා, නිවාස එපා කිව්වා. හැබැයි අද ඒවා ගැන කතාවක්වත් කරනවාද ? ගෝල්ෆේස් එකේ දාලා වාහන පෙන්නුවේ, ඒ වාහන ටික කොහෙද දැන් ? අපට ආරංචියි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ වාහන දීලා දැන්. කැන්ටින් එක වහනවා කිව්වා. කැන්ටින් එකේ කන කෑම දිහා බලන්න පුළුවන් දැන් එතන හිටියා නම්”

Related posts

චීන තානාපතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක්

Editor O

NGOs influence our education system in subtle ways – PM

Mohamed Dilsad

හිටපු ඇමති අකිල විරාජ්ගෙන් අල්ලස් කොමිෂම ට ප්‍රකාශයක්

Editor O

Leave a Comment