Trending Newsඑසැන පුවත්දේශීය

කලින් කීයු දේවල් අමතක වෙච්ච මාලිමාවේ මන්ත්‍රීවරු ගැන හර්ෂන රාජකරුණා කියපු කතාව

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.“ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උද්දච්ඡ තත්වයකට පත්වෙලා තියෙනවා. දැන් මේගොල්ලන් ජනතාව කියන දෙයක් අහන්නෑ. කිව්ව දේවල් අමතක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් එපා කිව්වා, පෙන්ෂන් එපා කිව්වා, නිවාස එපා කිව්වා. හැබැයි අද ඒවා ගැන කතාවක්වත් කරනවාද ? ගෝල්ෆේස් එකේ දාලා වාහන පෙන්නුවේ, ඒ වාහන ටික කොහෙද දැන් ? අපට ආරංචියි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ වාහන දීලා දැන්. කැන්ටින් එක වහනවා කිව්වා. කැන්ටින් එකේ කන කෑම දිහා බලන්න පුළුවන් දැන් එතන හිටියා නම්”

Related posts

මිහින්තලේ හිමියන්ට ලැබුණු ආධාරය

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අමුතු දන්සලක්

Editor O

රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත

Mohamed Dilsad

Leave a Comment