Trending Newsඑසැන පුවත්දේශීය

විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි. ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 25 වන දින පස්වරුවේ සිදුවනු ඇත.

පෙබරවාරී මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇත.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වේ.

Related posts

ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා – ජනපති

Mohamed Dilsad

සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

සහස්දනවි ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයට කැබිනට් අනුමැතිය දීමේදී වංචාවක් – විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

Editor O

Leave a Comment