ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනී.

කෝවිලන් සිට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී උතුරු නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවක නාවිකයින් පිරිසක් විසින් මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ඉන්දීය ධීවරයින් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවක් ද එහිදී වෙරළාරක්ෂක නිලධාරීන් බාරයට ගෙන තිබේ.

මෙම ඉන්දීය ධීවරයින් හය දෙනා ඉදිරි විමර්ශන සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දීමට නියමිතය.

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වනදා

Mohamed Dilsad

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 109 එරට බලධාරීන් භාරයට

Mohamed Dilsad

Leave a Comment