ප්‍රමුඛ පුවත 1

හික්කඩුවේ වෙඩිතැබීම ගැන පුළුල් පරීක්ෂණ

(උදයම්,ගාල්ල )  – හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙළඳ සැළක ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සුජිත් හිමාල් හෙවත් ස්ටිකර් සජිත් නැමත්තා පසුගිය 2015 වසරේ හික්කඩුව පිංවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වෙයි.

එම වෙඩි තැබීමෙන් 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මියගිය අතර එම ඝාතනය පාතාල කල්ලි අතර කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් සිදුවූ බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.

මෙම පරීක්ෂණවලදී  වෙඩි ප්‍රහාරය සදහා යොදාගත් ටී56 වර්ගයේ ගිනි අවිය ඊයේ  සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සුජිත් හිමාල් හෙවත් ස්ටිකර් සජිත් නැමැත්තා සතුව තිබී හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු බව හික්කඩුව පොලීසිඅ පවසයි.

මෙම වෙඩි තැබීමෙන් ඊයේ පස්වරුවේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මියගිය එක් අයෙකු සුජිත් හිමාල්  34 හැවිරිදි  පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා 26 හැවිරිදි තරුණයෙකි.

.

Related posts

බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිට

Mohamed Dilsad

කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයි

Mohamed Dilsad

විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි

Mohamed Dilsad

Leave a Comment