Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 31 දිනට විශ්‍රාම යෑමට නියමිතයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් මේ මස 31 වෙනිදා විශ්‍රාම යෑමට නියමිතව ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ සේවා කාලය මෙම 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබිණ.

නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව ඒ මහතාගේ දීර්ඝ ආරක්‍ෂක සේවා ඉතිහාසය මෙම දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු එතැන් සිට සේවයෙන් විශ්‍රාම ගනී. ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් රඳවා ගන්නේද යන්න රජය තවමත් තීරණය කර නැත.

ඒ සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

Related posts

විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලසීමාවෙන් පසු නාම යෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරලා. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ

Editor O

எதிர்ப்பு ஆர்ப்பாட்டம் காரணமாக காலிமுகத்திடல் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

President calls for report on goods which imports can be temporarily restricted

Mohamed Dilsad

Leave a Comment