Trending Newsඑසැන පුවත්දේශීය

වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ නියෝජ්‍ය කතානායකවරයාගෙන් පැහැදිලි කිරීමක්

සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතා විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණයවී ඇති පසුබිමකයි

සිය නිල ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් මොහොමඩ් රිස්වි සාලි මහතා පවසා ඇත්තේ නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් සිය වෘත්තීය සුදුසුකම් විවෘතව ප්‍රකාශයට පත් කිරීමට තමා උනන්දු වන බවයි.

ඔහු ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන පහතින්,

“මම 1986 පකිස්ථානයේ මුල්තාන් හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධිය සම්පූරණ කළා, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා තිබෙනවා.

එමෙන්ම, මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු වන අතර වසර 38ක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටිනවා. මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ රජයේ සේවයෙන් වන අතර, මම පළාත්වල සහ කොළඹ විවිධ රෝහල්වල සේවය කළා.

වසර 12ක රාජ්‍ය සේවයෙන් පසු, මම සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම වෙත යොමු වෙමින් ප්‍රජාවට පුළුල් වශයෙන් සේවය ලබා දුන්නා. මගේ සුදුසුකම් බෙදාගැනීමෙන් මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීම මගේ අරමුණයි.”

Related posts

Reduce in showery weather

Mohamed Dilsad

තැපැල් වර්ජනය අවසන්

Mohamed Dilsad

බස්නාහිර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment