Trending News

ජාතිවාදයට හෝ ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නෑ- අගමැති රනිල් කියයි

(උදයම්,කොළඹ)  –  ජාතිවාදයට හෝ ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතිවාදය හෝ ආගම්වාදය මත යමෙක් නීති රීති කඩ කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට යුතු කමක් හා වගකීමක් ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
අද (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ, ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කුමන ජාතියක් ආගමක් වුවත් රටේ නීති උල්ලංඝණය කිරීමට හැකියාවක් නොමැති බවයි.
මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. එවැනි දේට ඉඩදෙන්නට හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලූ දෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි. ඒ ව්‍යායාමය සඳහා අත්වැල් බැදගැනීමට සියලූදෙනාටම යුතුකමක් තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට සැමට වගකීමක් තිබෙනවා.“යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

கிளிநொச்சி மாவட்டத்தில் 2935 ஏக்கர் நிலப்பரப்பில் சிறுபோக நெற்செய்கை

Mohamed Dilsad

மாணவர்களின் பாதுகாப்புக்கு புதிய தொலைபேசி இலக்கம் அறிமுகம்

Mohamed Dilsad

ஆயுதத்தால் தாக்கப்பட்ட நிலையில் இருவர் பலி

Mohamed Dilsad

Leave a Comment