Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා (28) රැස්වී ගන්න නියමිත තීරණ මෙන්න

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ රැස්වන බව සඳහන්. මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව ද මෙය වේ. මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව සඳහන් කළේය. එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දීම හේතුවෙන් මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ ද අවධානය යොමුව තිබේ.

මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන් කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතය. මේ සඳහා මුදල් වෙන්කිරීම ආණ්ඩුව විසින් දෙසැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුම මඟින් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

சர்வதேச தரப்படுத்தலில், இலங்கை வலைப்பந்தாட்ட அணிக்கு 19வது இடம்

Mohamed Dilsad

சுஷ்மா , ரவி சந்திப்பு

Mohamed Dilsad

வாத்துவ 4 பேர் சுகயீனமுற்று உயிரிழந்த சம்பவம் – இருவரும் மீண்டும் விளக்கமறியல்

Mohamed Dilsad

Leave a Comment