Trending Newsඑසැන පුවත්දේශීය

පොහොර සහනාධාරය, ධීවරයින් සඳහා ඉන්දන සහනාධාරය, පිරිවෙන් 800 කට සූර්යය පැනල දීම ගැන හිටපු ඇමති කංචන විජේසේකරගෙන් පැහැදිලි කිරීමක්

වී ගොවින් සඳහා වන පොහොර සහනාධාරය සහ ධීවරයින් සඳහා ඉන්දන සහනාධාරය ලබාදීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් කර තිබේ.

වී ගොවින් සඳහා වන පොහොර සහනාධාරය සහ ධීවරයින් සඳහා ඉන්දන සහනාධාරය ලබාදීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගත් තීරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවූ බවත්, කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම,  විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමේ වැඩපිළිවෙලද, හිටපු ජනාධිපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබියදී, එයද මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවූ බවද කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ කැබිනට් මණ්ඩලය ජනතාව වෙනුවෙන් ගත් තීන්දු ඉටු කිරීමට වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආණ්ඩුව කටයුතු කිරීම ගැන ජනතාවගේ පැත්තේ සිට සිය ප්‍රසාදය පළ කරන බවද කංචන විජේසේකර මහතා සඳහන් තරයි.

අදාළ ව්‍යාපෘතිබ ක්‍රියාත්මක කිරීම වළක්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව වෙත නිකුත් කළ උපදෙස් සහිත ලිපි පහතින් දැක්වේ.

Related posts

Amazon College’s Graduation Ceremony held under auspices of Minister Rishad Bathiudeen [VIDEO]

Mohamed Dilsad

“Changes in Government activities within next 2 weeks; Solutions to SAITM, Meetotamulla issues” – President

Mohamed Dilsad

துமிந்த திசாநாயக்க ஜனாதிபதி ஆணைக்குழுவில்

Mohamed Dilsad

Leave a Comment