Trending Newsඑසැන පුවත්දේශීය

දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බද්දේගම, වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට 01දා පැවති ජන රැළියකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ය.

තම ජයග්‍රහණයෙන් පසු රාජ්‍ය සේවයේ කප්පාදුව නතර කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පාට කොළ වෙනුවට කළු ඉටිකොළ වෙසක් කූඩුවලට අලවා සංස්කෘතියේ සදාචාරය විනාශ කොට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එළවා දැමීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. බද්දේගම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ මහතා විසින් මෙම රැළිය සංවිධානය කර තිබිණ.

Related posts

மூடுபனியால் வாகனங்கள் மோதல் – 6 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට සූදානම් වෙති

Editor O

நைஜீரியா எரிவாயு சேமிப்பு கிடங்கில் பயங்கர தீ விபத்தினால் 18 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment