Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1

විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයට

(UTV | කොළඹ) –

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර මෙම තත්ත්වය මත බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02) තීරණය කළේය.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාරණ මහතා ප්‍රකාශ කළේ, සඳුදා සහ අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ තවත් විෂයන් දෙකක ප්‍රශ්න පත්‍රද සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත්වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාගයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර පෙරදින රාත්‍රියේ සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇතැයි පසුගිය සතියේ අනාවරණය විය.

මෙවන් පසුබිමක එළැඹෙන අඟහරුවාදා බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රෙණියේ සිසුන්ට පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍ර ලේඛනය බව පැවසෙන ලේඛනයක් ද මේ වනවිට සමාජ මාධ්‍යය තුළ සංසරණය වන බව වාර්තා වේ.

මෙලෙස බස්නාහිර පළාතේ ප්‍රශ්න පත්‍ර නිකුත්වී තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර සබරගමුව පළාතේ පාසල්වල ලබන සඳුදා පැවැත්වීමට නියමිත 10 ශ්‍රේණිය ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකක් ද විභාගයට පෙර නිකුත් වී තිබිණි.

මීට පෙර විද්‍යාව සහ ඉතිහාසය ප්‍රශ්න පත්‍රද පිටවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත.

සබරගමුව පළාතේ පාසල්වල හෙට පැවැත්වීමට නියමිතව තිබූ 10 ශ්‍රේණිය ඉංග්‍රීසි ප්‍රශ්නද සමාජ මාධ්‍යය ඔස්සේ මීට පෙර හුවමාරු වී තිබූ බවට වාර්තා විය.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමය පවසන්නේ නිලධාරීන්ගේ පරිපාලන ගැටලු හේතුවෙන් අද වනවිට දරුවන්ට අසාධාරණයක් වී ඇති බවය.

Related posts

Special train service for the festive season

Mohamed Dilsad

மகிந்த ராஜபக்ஷவை மகிழ்ச்சியடைய வைத்துள்ள விடயம்!!

Mohamed Dilsad

මල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි

Mohamed Dilsad

Leave a Comment