ක්‍රීඩා

ICC වාර්ෂික මහා රැස්වීම ලංකාවට ගේයි!

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

අදාළ X පණිවුඩයේ දැක්වෙන්නේ එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා ICC වාර්ෂික මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙන බවය.

එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට විශාල ශක්තියක් සැපයෙනු ඇති බවද අමාත්‍යවරයා සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපතිවරයාට කොරෝනා

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශයක් ශම්මි සිල්වා ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

කෙවින් පීටර්සන්ගෙන් IPL තරඟාවලියට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment