දේශීය

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලාංකීය ධීවර යාත්‍රාව…

(UTV | කොළඹ) – කාර්ය මණ්ඩල සාමාජිකයන් හයදෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ බව ධීවර දෙපාර්තමේන්තුව තහවුරු කර සිටියි.

මෙම බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 12 වැනිදා හලාවත දික්ඕවිට ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් පමණ ඔබ්බෙන් “ලොරෙන්සෝ පුතා – 4” නැමැති බහුදින යාත්‍රාවක් මෙම පැහැර ගැනීමට ලක්ව තිබේ.
මෙම පැහැර ගැනීම ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කර ඇත.
පැහැර ගැනීමට ලක්වූ ධීවරයින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලධාරීන් ප්‍රකාශ කරයි.

Related posts

ණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්

Editor O

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment