දේශීය

බේරේ සංවර්ධන ව්‍යාපෘති වාර්තාව 15ට පෙර ජනපතිට

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා මෙම මස 15 වන දිනට පෙර ලබාදීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

එමෙන්ම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබාදෙන ලෙස සාගල රත්නායක මහතා අදාළ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

 

කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන වැඩසටහනක් සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

 

එහිදී ඒ මහතා මෙම උපදෙස් ලබා දී ඇති අතර බේරේ වැව ආශ්‍රිත මහජන ක්‍රියාකාරකම් සඳහා සංවර්ධනය කර භාවිත කළ හැකි හඳුනාගත් ඉඩම් කොටස් පෞද්ගලික අංශයේ ද සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදි විමසා බලා ඇත.

 

එමෙන්ම බේරේ වැවට හරවන ලද මළ අපද්‍රව්‍ය නළ මාර්ග වළක්වාලීම සහ වැවේ බැක්ටීරියා හා ඇල්ගී ප්‍රතිශතය අවම කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මේ වන විට ස්ථාන තුනක පිහිටි මධ්‍යම බස්නැවතුම්පල, කොටුව දුම්රිය ස්ථානය යාබඳව ස්ථානගත කර දැනට බස් නැවතුම්පල පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරය පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම පිළිබඳව ද එහිදි අවධානය යොමුව තිබේ.

 

එමෙන්ම එළඹෙන උත්සව සමයේ කොළඹ නගරයේ තදබදය අවම කරගැනීම සහ කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා පොලීසිය, කොළඹ මහ නගර සභාව හා වෙළෙඳ සංගම් ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

Related posts

සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් – වියදම රුපියල් මිලියන 5000

Editor O

දිවයින පුරා විදුලි බලය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment