දේශීය

උප්පැන්න ය ඩිජිටල් වෙයි

ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදුකෙරුණි.

 

කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

 

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවය.

 

දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහන ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ.

 

ජාතික උප්පැන්න සහතිකයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය – සහතිකයේ ඇතුළත් වන තොරතුරු

 

උපන් ස්ථානය පිළිබඳ තොරතුරු

මගේ අංකය

සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)

පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය

මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය

මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ

රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම.

සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම.

මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම.

මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම.

විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම.

සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම.

Related posts

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අදත්

Mohamed Dilsad

ජනක රත්නායක තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment