දේශීය

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ආ ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබේ.

 

පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම ඉන්දීය ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

 

එහිදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවරයින් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.

 

නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 29ක් සහ ඉන්දීය ධීවරයින් 196ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව තිබේ.

Related posts

Google බිඳ වැටෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

කොහුවල රථවාහන ධාවනය සීමා කෙරේ.

Editor O

Leave a Comment