දේශීය

ජනපතිගේ මීළඟ ඉලක්කය

දශක ගණනාවක දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණදෙමින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට ද ශ්‍රී ලංකාව උත්සාහ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, 2040 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ ශුන්‍ය වායු විමෝචකයක් සහිත රටක් බවට පත්වීමට ඩොලර් බිලියන 100ක් අවශ්‍ය බවය.

 

එම ඉලක්කය කරා ළඟාවීමට උත්සාහ කිරීමේදී ණය මෙන්ම හරිත මූල්‍ය මෙවලම් කෙරෙහි ද ශ්‍රී ලංකාව අවධානය යොමු කරන බව රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

 

කෙසේ වෙතත් හරිත ආර්ථිකයක් සඳහා වන ක්ෂණික සැලසුම් නොමැති බව ද ජනාධිපතිවරයා පැවසූ බව රොයිටර් පුවත් සේවය පවසයි.

 

අයෝජන සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින්ට අපට විදේශ ආයෝජන සඳහා ආරාධනා කර ඇති අතර කඩිනමින් ආර්ථිකය ස්ථාවර වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසයි.

Related posts

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද යළි ජාතික පද්ධතියට

Mohamed Dilsad

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා රේගු සංකේතාංක හඳුන්වාදෙයි

Mohamed Dilsad

Leave a Comment