දේශීය

ඉමියුනොග්ලොබියුලින් ගැටලුවේ පරීක්ෂණ ගැන සෞඛ්‍ය ඇමති ගෙන් ප්‍රකාශයක්

ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

 

කෙසේ වෙතත් එම පරීක්ෂණ කටයුතු සඳහා කිසියම් කාල සීමාවක් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

එම ඖෂධය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

 

එහි දී මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති පුද්ගලයෙකු මෙරටින් පළා ගොස් ඇති බවයි.

 

මේ අතර, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයන් 09 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට මාලිගාකන්ද අධිකරණය නියෝග කර තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ද එම පුද්ගලයන් අතරට ඇතුළත් බව වාර්තා වේ.

 

එමෙන්ම එම සිද්ධියට අදාළ තවත් තිදෙනෙකුට මීට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබිණි.

Related posts

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

රනිල්ට වාරණ නියෝගයක්

Mohamed Dilsad

ඉදිරියේදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment