දේශීය

වැඩි මිලට හාල් වික්කොත් 1977ට වහාම දැනුම් දෙන්න

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977ට වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

සහල් සඟවාගෙන සිටින වෙළෙඳුන් පිළිබඳව ද එම දුරකථන අංකයට පැමිණි කළ හැකි බව අධිකාරිය පවසයි.

 

සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙඳුන් වැඩිමිලට සහල් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පවසන පාරිභෝගික අධිකාරිය සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබේ.

 

සහල් සඳහා නියම කර ඇති පාලන මිල අනුව රතු හා සුදු නාඩු කිලෝව රුපියල් 220ක්ද, කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ද, සම්බා කිලෝව රුපියල් 230ක් ද, රතු සුදු කැකුළු කිලෝව රුපියල් 210ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර ඇතැයි අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

මේ අතර සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙඳුන් එම මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

 

මේ අතර කීරි සම්බා සහල් හිඟයක් පවතින අතර, බොහෝ සුපිරි වෙළෙඳ සැල්වල හා සතොස අලෙවි සැල්වල ද මාසයක පමණ සිට කීරි සම්බා සහල් නැති බව වාර්තා වේ.

Related posts

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් – වියදම රුපියල් මිලියන 5000

Editor O

ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩිනම් කෙරේ

Mohamed Dilsad

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

Editor O

Leave a Comment