දේශීය

ගසක් කඩාවැටී අයෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

අයහපත් කාලගුණයත් සමග ගසක් කඩාවැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

 

එම අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

 

ඊයේ (02) සවස් කාලයේදී පල්ලෙකැලේ පොලිස් වසමේ මහනුවර මහියංගනය මාර්ගයේ කුණ්ඩසාලේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබුණි.

 

පළතුරු වෙළෙඳසැලේ හිමිකරු සහ එහි සහායට සිටි කාන්තාවක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර මියගොස් ඇත්තේ වෙළෙඳසැලට පැමිණ සිටි පාරිභෝගිකයෙකි.

 

ඔහු 56 හැවිරිදි වරාපිටිය කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ගස කඩාවැටෙන අවස්ථාවේදී මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කළ වෑන් රථයකට ද අලාභහානි සිදුවී ඇති අතර වෑන් රථයේ ගමන් කළ කිසිවෙකුට හානි සිදුවී නොමැති බවද පොලීසිය පැවසීය.

 

Related posts

සපුගස්කන්ද යළි වැසීයෑමේ දැඩි අවදානමක්..

Mohamed Dilsad

බදු අඩු කර ජනතාවට සහන දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න සූදානම් – සජිත් ප්‍රේමදාස

Editor O

ඇඳිරි නීතිය කඩ කල තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment