ක්‍රීඩා

දසුන් ශානක තුවාල ලබයි

තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ට සති තුනක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන බව වාර්තා වෙයි.

 

ඒ හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ බොහෝ තරග අහිමිවෙයි.

 

එසේම වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටද එළඹෙන ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමිවෙන බව වාර්තා විය.

 

ඒ ඔහුද තුවාල ලබා තිබීම හේතුවෙනි.

 

ඒ අනුව එළඹෙන ඔස්ට්‍රේලියා තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇති බව වාර්තා විය.

 

අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සංචිතයේ රැඳීසිටින චාමික කරුණාරත්න දසුන් ශානක වෙනුවට කණ්ඩායමට එක්වනු ඇති.

 

මේ අතර ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීමට ප්‍රමෝද් මදුෂාන් ඉන්දියාව බලා පිටත්ව යෑ

මට නියමිතය.

 

Related posts

ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දෙයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියත් අවලංගු කරයි

Mohamed Dilsad

හොකී ලෝක කුසලාන සත්කාරකත්වය ඕමානයට

Mohamed Dilsad

Leave a Comment