විදෙස්

ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට නොසිතූ කොන්දේසියක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හෙට (13) රැස්වේ.

 

ආරක්ෂක කවුන්සිලයේ වත්මන් සභාපතිත්වය දරන බ්‍රසීලය විසින් මේ බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

පසුගිය ඉරිදා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයින් ඊශ්‍රායලය හා පලස්තීනය සම්බන්ධයෙන් බෙදුනු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි.

 

ලොව කිසිදු ස්ථානයක දරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම සිදුනොවිය යුතු බව පවතින අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත.

 

ගැටුම් අතරතුර පැහැරගත් කුඩා දරුවන් වහාම මුදාහැරීමට හමාස් සංවිධානය පියවර ගත යුතු බව ද ඔහු සඳහන් කර තිබුණි.

 

මේ අතර පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සියලුම දෙනාව නිදහස් කරන තුරු ගාසා තීරය වෙත සැපයුම් ලබා නොදෙන බව ඊශ්‍රායලය පවසයි.

 

“කිසිදු විදුලි ස්විචයක් ක්‍රියත්මක වෙන්නේ නෑ, කිසිදු ජාල සැපයුමක් වෙන්නේ නෑ, කිසිදු ඉන්ධන බවුසරයක් ඇතුළු කරන්න නෑ…”

 

එසේ පවසන්නේ ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා ය.

 

හමාස් සටන්කාමීන් විසින් මේ වනවිට ගාසා තීරයේ පැහැරගත් 150 දෙනෙක් පමණ ප්‍රාණඇපයට තබාගෙන සිටිති.

Related posts

ජර්මනිය බරපතල විදුලි අර්බුදයක

Mohamed Dilsad

මෙක්සිකෝ නගරාධිපතිවරකුට සිදුවූ අකරතැබ්බිය [VIDEO]

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අයට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

Mohamed Dilsad

Leave a Comment